Saturday, August 20, 2011

කව්ද ඔබ!

















 

කව්ද තීරණය කරන්නේ ?
අපි දිවිහිමියෙන් ආදරය කරන්න ඕන කාටද කියල.
කව්ද රුදුරු මෘගයන් අපි වෙත එවන්නේ ?
අපිව විනාශ කරන්න.

ඒ අතරම
කව්ද අපිට පවසන්නේ ? 
අපි කිසිදා නොමියෙන බව.
කව්ද අපිට උගන්වන්නේ ?
සත්‍ය කුමක්ද යන්න.
බොරුවට,වංචාවට සිනාසිය යුත්තේ කොහොමද කියලා. 
කව්ද අපිට කියන්නේ ?

ඇයි අපි ජීවත් විය යුත්තේ කියලා.
කව්ද තීරණය කරන්නේ ?
අපි මිය යා යුත්තේ කුමක් රෑක ගන්නද කියලා.
කව්ද තීරණය කරන්නේ ?
අපි බැඳිලා ඉන්න ඕන කාටද කියලා.
සහ
කව්රු අතේද යතුර තියෙන්නේ ?
අපේ නිදහස් දොරටුවේ.

ඔව්
වෙන කව්රුවත් නෙවෙයි
"ඔබම" තමයි
අවශ්‍ය හැම අවියක්ම ඔබට තියෙනවා
ඉතින් බලන් ඉන්නේ ඇයි ?
සටන් කරන්න.....

2 comments:

  1. අරථවත් අදහසක් යාලු......
    අවශ්‍ය හැම අවියක්ම ඔබට තියෙනවා.
    ඉතින් බලන් ඉන්නේ ඇයි?
    සටන් කරන්න. :)

    ReplyDelete
  2. මේක මට ඔයාට හැමෝටම වැදගත් අදහසක් සුදු මැණිකේ!
    කියෙව්වාට ස්තුතියි!

    ReplyDelete

ඔයාලා මොකද හිතන්නේ මේක ගැන?